Tuesday, 28 April 2015

හතලිහ පැනපු කිරිල්ලිය

හත් අවුරුද්දකට කලියෙන්
බස් හෝල්ට්ටෙහෙක හමුවී
අසම්මතයට පියා විදා
තහනම් ගහට පියෑඹු
හතලිහ පැනපු කිරිල්ලිය

හත් අවුරුද්දක් ඇවෑමෙන්
ආයෙත් හෝල්ට්ටෙහෙකම
විසේකාර අත්තටු
සීරුවට පොරෝගෙන
කුමර උණුහුම වෙනුවට
සිල් රෙද්දක් පොරෝගෙන

හත් අවුරුද්දකට එපිටදි
ගැස්සුණු ඒ ඇස් පෙති
පැසුණු  ඇහිපිය යට
හැංගුන අසීරුව
වෙලාවට බස් එකක්
එල්ලිලා යතෑකි!

Monday, 27 April 2015

ගෙස්ට් (GUEST HOUSE)

පවුල් කැඩෙන 
අවුල් සැදෙන 
ලොවට හොරා 
හැඟුම් මුදන 
බඳුන් බිඳෙන
සුසුම් නැගෙන 
සතුට මවා 
කඳුළු වහින 
නන්නත්තාර 
බිත්ති 4!